ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පසුගියදා අවසන් වු පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී දැක්වූ දස්කම් හේතුවෙන් දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ 10 වැනි ස්ථානයට පැමිණ තිබේ.
ප‍්‍රසාද ලකුණු 740ක් දිනා ගනිමින් හෙතෙම මෙම ස්ථානයට පැමීණ ඇති අතර එය ඔහුගේ ක‍්‍රිකට් දිවිය තුළ මෙතෙක් ලබාගත් ඉහළතම ශ්‍රේණිගත ස්ථානය වෙයි.
ගාල්ල ටෙස්ට් තරගයේදී ප‍්‍රථම ඉනිමේ නොදැවි ලකුණු 158 ක් ලබාගත් දිමුත් දෙවන ඉනිම වෙනුවෙන් ද අර්ධ ශතකයක් ලබා ගැනීමට (60) සමත් විය.
එම තරගය ක‍්‍රීඩා කිරීමට පෙර පැවති ටෙස්ට් පිතිකරුවන් ශේණිගත කිරීමේ ලේඛනයේ 31 වන තැන දිනා සිටි දිමුත් පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා වෙමින් දැක්වූ එම දස්කම් නිසා ටෙස්ට් පිතිකරුවන් 21 දෙනෙකු අභිබවා 10 වන ස්ථානය දක්වා පැමිණීමට දිමුත් හැකිව ඇත.
එසේම ප‍්‍රසාද ලකුණු 765ක් දිනා ගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශේණිගත කිරීමේ ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත්ව සිටියි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන 20 වැනිදා කොළඹ SSC පිටියේදි ආරම්භ විමට නියමීතය.
DE සිල්වා








