FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ගැන පළමු සාකච්ඡාව හෙට (18)

ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා වන පළමු සාකච්ඡාව හෙට (18) පැවැත්විමට නියමිත බව එ්කාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙම රැස්විම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (18) රාත‍්‍රී 7.00ට කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්විමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා සහභාගිවන ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින්ට දැනුම් දි ඇති බවත් පැවසේ.
ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුලු පක්ෂ නායකයින් මෙම සාකච්ඡාව සඳහා එක්විමට නියමිත බවද පැවසේ.
එමෙන්ම මීට දෙසතියකට පෙර ඒකාබද්ධ විපක්‍ෂයට එක් වු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් තිදෙනෙක්ද මේ සඳහා සහභාගිවන බවද කියැවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිංගප්පුරුවේ සංචාරයක නිරතවන බැවින් මෙම සාකච්ඡාව සඳහා හෙතෙම මෙ සඳහා සහභාගි නොවන බවත් පැවසේ.

De සිල්වා