FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයන් 18 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි..

විවිධ නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
මෙම පිරිස අද(17) පෙරවරුවේ එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරීවරයා සදහන් කරයි.
මෙම පිරිස අද පෙරවරු 6.45 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
පිටුවහල් කරනු ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් එක් අයෙකුට දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙක් ද මෙම ගුවන් යානයේ පැමිණ ඇත.
D.Undugoda