නිවසකට කඩා වැදී එහි දේපළවලට අලාභ සිදුකළ බවට රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ කාන්තාවක් තමන්ට කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසනවා.
අදාළ කාන්තාව කියා සිටියේ පෙරේදා පස්වරුවේ අත්පත‍්‍රිකා බෙදිමක දී ඇතිවු ගැටුමකින් පසු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇගේ ආධාරකරුවන් සමග සිය නිවසට කඩා වැදී එහි දේපළවලට අලාභ සිදුකළ බවයි. කෙසේවෙතත් මෙම චෝදනාව කූඨ ලෙස නිර්මාණය කළ එකක් බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවා.
සැබෑ ලෙසම සිදුවුයේ තමන්ගේ පාක්‍ෂිකයින්ට පහරදීමක් සහ ඔවුන්ගේ දේපළවලට අලාභ සිදුකිරීමක් බවද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසනවා.
දෙපාර්ශ්වයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳ මේ වන විට විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසුවා.







