FAST NEWS

24×7 Around the Globe

මාතලේට ප්‍රදේශ කිහිපයකට පැය 48 ක ජල කප්පාදුවක්..

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(17) පෙරවරු 08.00 සිට ලබන 19 වනදා පෙරවරු 09.00 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව එම කාලසීමාව තුළ පළාපත්වල ප්‍රාදේශිය සභා සීමාව, මාතලේ නගර සභා සීමාවේ රත්තොට හන්දියේ සිට ඒ 09 මාර්ගයේ ප්‍රාදේශිය සභා සීමාව දක්වා ප්‍රදේශය, අළුවිහාර පන්සල අවට ප්‍රදේශය සහ පළාපත්වල නගරය හා අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.
මහනුවර උතුර ප්‍රදේශයට අයත් මාතලේ ජල සම්පාදන ක්‍රමයේ පළාපත්වල කලාපයට ජලය පොම්පකරණ නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
DE සිල්වා