FAST NEWS

24×7 Around the Globe

සරණාගත බෝට්ටුවක් ගිලීයාමෙන් මිය ගිය 10 ගේ මළ සිරුරු මැලේසියා වෙරළට..

ඉන්දුනීසියාවේ සිට සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මැලේසියාවේ දකුණු වෙරළ තීරයට ආසන්නයේ ගිලී යාම හේතුවෙන් මිය ගිය දස දෙනකු ගේ මළ සිරුරු මැලේසියා වෙරල තීරයට ගොඩ ගසා ඇති බව එරට ආරක්ෂක අංශ කියයි.
මෙම සිරුරු අතර කාන්තා සිරුරු හයක්ද, පිරිමි සිරුරු හතරක්ද ඇති බව වාර්තා වෙයි.
ඉන්දුනීසියාවේ සිට සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මැලේසියාවේ දකුණු වෙරළ තීරයට ආසන්නයේ ගිලී යාම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් එහි ගමන් ගත් 18 දෙනකු අතුරුදහන්ව ඇති බව මැලේසියා සමුද්‍රීය බළකා නිලධාරීහු පවසති.
සරණාගතයන් ප්‍රවාහනය කරමින් සිටි මෙම බෝට්ටුවේ අනවසර සංක්‍රමණිකයන් 44 දෙනකුවත් ගමන් ගෙන ඇති බව මැලේසියා සමුද්‍රීය බළකා නිලධාරීහු පවසති.