FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති සිංගප්පූරුව බලා යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දින 04 ක පෞද්ගලික සංචාරයක් සඳහා අද (16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් වු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
මෙම සංචාරයේදි හිටපු ජනාධිපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බවත් පැවසේ.
මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වි ඇති බවත් හිටපු ජනාධිපතිවරයා බ‍්‍රහස්පතින්දා (19) වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇති බවද වැඩි දුරටත් පැවසේ.
DE සිල්වා