මහ මැතිවරණයේ මෙතෙක් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූවන්ට අද දිනයේදී ත් විශේෂ අවස්ථාවක් හිමි වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, උසස් පෙළ විභාග හේතුවෙන් අද දිනයේදී ත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන්නන් සඳහා ලබන 14 වන දා ඊට අවස්ථාව පවතින බව ය.
මේ අතර මැතිවරණ රාජකාරී සඳහා යෙදවීමට අදාළව රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ යුතු ජීවදත්ත සටහන් හෙට මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ සඳහා සියලු රාජ්‍ය සේවකයින් ආයතනික ප්‍රධානීන් හරහා දැනුවත් කර ඇති බව ය.







