FAST NEWS

24×7 Around the Globe

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් සැකසෙයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ  කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට  ඉදිරිපත් කිරිමට නියමිත බව එහි සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හා අනු කමිටු හයේ  වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කර තිබේ.
ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දැක්වු වෙනස් අදහස් පිළිබඳ සටහනක් ද ඇතුළත් කර සැකසු මෙම දළ කෙටුම්පත ඉදිරි සාකච්ඡා සඳහා පදනම් කර ගන්නා ලියවිල්ලකැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය
De සිල්වා