උතුරේ එල්.ටී.ටී.ඊ. පාලනයක් නැවත අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය ජූලි මස 20 වැනිදායින් පසු පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත සඳහන් ළේය.
මන්ත්‍රීවරිය විසින් සිදු කරන ලද ප්‍රකාශය වරදක් බවට බැලූ බැල්මට පෙනුණද මන්ත්‍රීවරියගේ පාර්ශ්වයෙන්ද ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් ,ඒ අනුව ඇයගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එළඹෙන 20 වැනිදා දක්වා කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් වූ අදාළ පරීක්ෂණය අපක්ෂපාතීව, මධ්‍යස්ථව සිදු කෙරෙන බවස හෙතමෙ වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








