FAST NEWS

24×7 Around the Globe

ජාතික චිත්‍රපට සංස්ථාවට පැනවූ අතුරු තහනම දීර්ඝ කරයි..

චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇත.
කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර ඒ ලබන මස 25 වැනිදා දක්වායි.
පසුගියදා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හා සිනමා නිෂ්පාදකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙතෙක් කලක් පැවති පෞද්ගලික සිනමා මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය ඉවත්කර එම සියලු බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට යළි පවරා ගැනීම පසුගිය ජුනි 18 වැනිදා සිදුවිය.
චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසගෙන් විවිධ විරෝධතා නැගෙන්නට විය.
D.Undugoda