FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් නෑ..

ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් ඉහළ ගිය නමුත් බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බවත් වාර්ෂික බාස් ගාස්තු සංශෝධනයකට පසුව අන්තර් වාර බස් ගාස්තු සංශෝධනය සිදුවීමට නම් ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සීයයට 4 ඉක්ම විය යුතු බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
පසුගියදා සිදුවු ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 3.2ක් බවත් ජාතික ගමනාගමන කොමිසම කියයි.
බස් ගාස්තු අඩු වීම හෝ වැඩි වීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් බව ද එම කොමිෂන් සභාව අවාධාරණය කර සිටියි.
DE සිල්වා