FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මර්දනයට දිස්ත්‍රික් 08 ක දෙදින වැඩසටහනක්..

ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13) යන දෙදින ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක 08 ක් අවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරන බවද එම ඒකකයි සඳහන් කරයි.
මේ වසරේ ජුලි මාසය තුළ පමණක් වාර්තා වු ‌ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27,478ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්යා දෙයි.
හඳුනාගත් වැඩි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 52ක කණ්ඩායම් 880ක් සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සැලසුම් කොට තිබේ.
DE සිල්වා