FAST NEWS

24×7 Around the Globe

නිළ සංචාරයක් සඳහා තායිලන්ත අගමැති අද දිවයිනට..

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතා අද (12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද (12) පස්වරුවේ දිවයිනට පැමිනෙන්ණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුවය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීමට නියමිතය.
එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.
අනතුරුව ශ්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නිළ නිවසේදී අද රාත්‍රි ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.