FAST NEWS

24×7 Around the Globe

තේ තොග අපනයනය සඳහා ස්ථාවර සෙස් බද්දක්..

තේ තොග අපනයනය සදහා ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හදුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිවු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමීන් සඳහන් කළේය.
ඒ අනුව මින් ඉදිරියට අපනයනය කරන තේ කිලෝවක් සදහා අයකරන ස්ථාවර සෙස් බදු මුදල රුපියල් 10 ක් ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මීට පෙර සෙස් බද්ද ගණනය කර ඇත්තේ කිලෝග්‍රෑමයට රුපියල් 10 ක් හෝ කොළඹ තේ වෙළදපලේ වෙන්දේසියේ සාමාන්‍ය මිල ගණන්වලින් සියයට 2 යි දශම 5 ක් හෝ අගයන් දෙකෙන් වැඩි අගය සැලකිල්ලට ගෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මාසික පදනමකින් සිදුකල මෙම සෙස් බදු ගණනයෙන් තේ අපනයනකරුවෙක් එක් තේ කිලෝග්‍රෑමයක් සදහා මීට පෙර රුපියල් 20 ක පමණ සෙස් බදු මුදලක් ගෙවු බවත් මෙම ගණනය කිරීම් මාසිකව සිදුවන බැවින් තේ තොගමිල කලින් ගණනය කිරීමට නොහැකි වීම සහ අපනයන මිලගණන් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම වැනි තේ අපනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමිනුයි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා