FAST NEWS

24×7 Around the Globe

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවතට..

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ (NBTS) වැඩබලන අධ්‍යක්ෂ දොස්තර රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
විෂමාචාර චෝදනා යටතේ මෙම ඉවත් කිරිම සිදු කර ඇති බව කියැවෙයි.
සුදුසුකම් නොමැති පුද්ගලයකු රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ ධුරයට පත් කිරීම නිසා ඔහු සිය ධුරය අවභාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කිරීම, වෛද්‍ය නිලධාරීන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ යටතේ රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා එම ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ලේ බැංකුවේ වෛද්‍යවරුන් පසුගිය 09 වැනිදා සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්ද ආරම්භ කළේය.
DE සිල්වා