FAST NEWS

24×7 Around the Globe

මීටර් නොමැති ත්‍රිරෝද රථ සඳහා දඩ පැනවිමට තීරණයක් එයි..

අගොස්තු මස 01 වැනිදා සිට මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ පරීක්ෂා කර දඩ පැවරීමට පොලීසියට බලය පවරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරෙන බවද එම සභාව පවසයි.
මේ අනුව අගොස්තු මස 01 වැනිදා සිට ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන ත්‍රිරෝද රථ රියැදුරන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට පොලීසියට බලය පැවරෙන බවත් එම සභාව කියයි.
මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම ක්‍රියාමාර්ගය ගැනෙන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩි දුරටත් පවසයි.
DE සිල්වා