FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල පිළිබඳව කැබිනට්ටුවට පත්‍රිකා 02 ක්..!!!

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමීත බව වාර්තා වේ.
ඉහළ නැංවු ඉන්ධන මිල ගණන් ක්‍රියාත්මක කිරිමට අදාලව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරමීන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බව සඳහන්.
එසේම ඉන්ධන මිල සංශෝධනය විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්ද තවත් කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කිරිමට නියමීතය.
මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පසුගිය 05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබු අතර එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුව තිරණය කළේය.
DE සිල්වා