FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්..

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත.
වසර 37 ක් නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරියෙක් වන හෙතෙම නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති අතර ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
DE සිල්වා