FAST NEWS

24×7 Around the Globe

හකිම් අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ පුටු රත්කලා විතරයි – ඇමති රිෂාඩ්

මහ මැතිවරණයේදී සමස්ත ලංකා මහජන ක්‍රොංග්‍රසයෙන් දිගාමඩුල්ලට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තරහවුරු කිරීමේ අරමුණිනින් සංවිධානය කෙරුණු ජන හමුවක් පසුගියදා අම්පාර වරිප්පොත්තාන්චෙනෙයි ප්‍රදේශයේදී එම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි අදහස් දැක්වු ඇමතිවරයා සඳහන් කර සිටියේ හිටපු ජනපතිවරුන්ගේ කාල සීමාව තුල මුස්ලිම් ජනතාව උදෙසා නැසීගිය එ.එච්.එම් අෂ්රොප් මහතා ඇප කැපවී සේවය කළ මුස්ලිම් දේශපාලන නායකයෙකු ලෙස සිහිපත් කළ යුතු බවය.

එමෙන්ම වර්තමාන මුස්ලිම් කොංග්‍රස් නායක හකීම් සිදුකලේ පාර්ලිමේන්තුව තුළ වසර 15ක කාලයක් පුටුව රත් කීරීම පමණක් බව ඇමතිවරයා පැවසීය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී තමන් සෘජුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයට සහාය දීමට තීරණය කළ බවත් ඉන් පසුව හකිම් සිය හෘද සාක්ෂියට අනුව සිය ජන්දය සළකුණු කරන ලෙස මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කළ බවත්, හකීම් සිය සහයෝගය කාටදැයි යන්න තීරණය ජනාධිපතිවරණයට සමීප අවසන් මෙහොතේ ගත් බවද ඇමතිවරයා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.