FAST NEWS

24×7 Around the Globe

පානීය ජල ගැටලුවක් ඇත්නම් අමතන්න..

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇත්නම් 117 හෝ 0112670002 හෝ 0112136136 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
යාපනය, වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, කුරුණෑගල, පොළොන්නරුව, අම්පාර දිස්ත්‍රික්කවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇතිවී තිබෙන බවද එහෙයින් පානීය ජලය ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය තරම් ජල බවුසර හා උපකරණ ලබාදී තිබෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
DE සිල්වා