FAST NEWS

24×7 Around the Globe

රුපියල් මීලියන ගණනක හෙරොයින් කළුබෝවිලින් අල්ලයි..

රුපියල් මිලියන 1248ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (07) රාත්‍රී කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් පාර්සල් 30 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී බත්තරමුල්ල සුභූතිපුර නිවසක තිබී තවත් හෙරොයින් පාර්සල් 66 ක් පොලීසිය භාරයට ගත් බවත්,ඒ අනුව අදාළ පාර්සල් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 950ක් පමණ තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
De සිල්වා