FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප කොටසක් හෙළ උරුමයට..!!!

චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අනුව දැනට ශ්‍රී.ල.නි.පයේ කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට ඍජුව එක්වීමට අකැමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත.
ඉදිරි මහ මැතිවරණය ආසන්නයේ මොවුන් ජාතික හෙළ උරුමය සමඟ එක්වනු ඇතැයි පැවසේ.
මෙ සම්බන්ධයෙන් දැනටමත් මූලික සාකච්ඡා සිදුව ඇති බවද වැඩි දුරටත් පැවසේ.
De සිල්වා