FAST NEWS

24×7 Around the Globe

අගැමති රනිල් හෙට (08)සිංගප්පූරුවට..

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල්‍ වික්‍රමසිංහ මහතා හෙට(08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවී  සාකච්ඡා කරනු ඇති බව සඳහන්ය.
එළඹෙන සඳුදා දින පැවැත්වීමට නියමිත “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පැවත්වීම ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ඇති බවද සඳහන්.

De සිල්වා