FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරුට වසර 5ක සිර දඩුවම්..

මාර්ග ධාවන බලපත්‍රයක්‌ නිකුත් කිරීමට බස්‌ හිමියකුගෙන් රුපියල් දසදහසක අල්ලසක්‌ ලබාගත් බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට වසර 40 ක සිර දඬුවම් නියම කර එය වසර 05 කින් ගෙවී යාමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
මීට අමතරව අගතියට පත් බස්‌ හිමියාට රුපියල් ලක්‍ෂ 05 ක වන්දි මුදලක්‌ ලබාදීමට ද නියෝග කර ඇත.