FAST NEWS

24×7 Around the Globe

බලපෑම් හමුවේ වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරණ ගාල්ලට මාරු කරයි..

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රබල ඉල්ලීම් හමුවේ වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (05) සිට ගාල්ල දිසාපති වශයෙන් මාරු කොට යවා තිබේ.
සෝමරත්න විදානපතිරණ මහතා වවුනියාව දිසාපති ධුරයට පත්ව දැනට වසරක්‌වත් ගත වී නැත. ඒ මහතා වවුනියාව දිසාපති කාර්යාලයේ සර්ව ආගමික මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඔහු බුදුපිළිමයක්‌ තැන්පත් කිරීමට යන බවට රජයට වැරදි අර්ථකථනයක්‌ ලබා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ සිය විරෝධය පළ කොට සිටියහ.
මේ අවස්‌ථාවේදී පදනම් විරහිත චෝදනා නිසා ඒ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්‌ විය.
කෙසේ වෙතත් ඒ මහතාගෙන් හිස්වූ තනතුර සදහා මුස්ලිම් ජාතික දිසාපතිවරයෙක් පත්කිරීමට නියමිතය.