FAST NEWS

24×7 Around the Globe

ගැටළු ඇත්නම් අධිකරණයට යන්න..දරුවන්ගේ අධ්‍යාපනය කඩන්න එපා

දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර සිටියි.
ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 24 කට අධික කාලයක දී අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවකගෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් වී තිබු බවයි.
ඒ අභියාචනා ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සහ රාජ්‍ය සේවා කොමිසම විසින් විභාග කර ඉන් 1018 කට සහන සැලසීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.