FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බරයේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි….අගමැති

පළාත් සභා මැතිවරණය එළැඹෙන දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ගත යුතු මුලික පියවර ලෙස පක්ෂ නායකයිනගේ අදහස් දැන ගැනිමට හැකි ඉක්මනින් පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතාට මේ වන විටත් දැනුම් දී තිබේ.
මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාත් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා දෙසැම්බර් වන විට මැතිවරණය පැවැත්වීමට මුලික පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ව ඇත.