FAST NEWS

24×7 Around the Globe

කතරගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිතයට…

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමකයට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදුවීමට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපුවා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
මෙම නඩුව ඊයේ (04) තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර තිබේ.