FAST NEWS

24×7 Around the Globe

පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමි තැන..

එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත. ලංකාවට මෙම ස්ථානය හිමිව ඇත්තේ දෙවන වතාවටයි.
2018 ජූනි මස 28 වනදා මෙම වාර්තාව නිකුත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව වසර 04 ක් දෙවන ස්ථානය හිමිකරගැනීම සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිට ඇති අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිත ආයතනය විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැළකිල්ලට ගනිමින් පසුගිය වසරේදී දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව උසස් කරනු ලැබ ඇත.
පුද්ගල ජාවාරම පිළිබඳ මෙම වාර්තාව සකස් කරනු ලබන්නේ 2000 වසරේ සම්මත කරගනු ලැබූ එක්සත් ජනපද පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංශෝධිත පනතට අනුවයි.