FAST NEWS

24×7 Around the Globe

විජයකලා මහේශ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි..

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඊයේ (04) දිනයේ අගමැතිතුමා හා රාජ්‍ය ඇමතිනිය අතර හමුවක් පැවැත්වුනද ඒ පිළිබද මෙතෙක් කිසිම තොරතුරක් වාර්තා වී නොමැත.
රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය මගහරිමින් වෙනත් මාර්ගයකින් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇත.
පසුගියදා ඇය විසින් එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට කළ ප්‍රකාශයත් සමග රට තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණුනි.
මේ සම්බන්ධයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.