FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර සමුළුවක ප‍්‍රධාන දේශනයට අගමැතිව තෝරාගනියි..

රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ ලෝක ප‍්‍රසිද්ධ සමාගම් සහභාගී වන සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක ප‍්‍රධාන දේශනය සිදුකිරීම සඳහා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තෝරා ගෙන ඇත.
තිරසර නාගරික සතිය නමින් හැඳින්වෙන මෙම සමුළුව සඳහා රටවල් 125 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ 21,000 ක් පමණ සහභාගී වීමට නියමිතය.ලබන සදුදා (09) ආරම්භ වන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.
තිරසාර නාගරික සංවර්ධනය සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.