FAST NEWS

24×7 Around the Globe

විජයකලා හා අගමැති අතර හමුව අද පස්වරුවේ..

රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ තිබේ. අද (04) පස්වරු 06. 30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය උත්සවයකදී විජයකලා මහේෂ්වරන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව තොරතුරු දැනගැනීම පිණිස මෙම හමුවීම පවත්වනු ලබයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.