පසුගියදා තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් නව කෝටි පනස් ලක්ෂයක මුදල් සහ රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේම සේවය කරන නිලධාරීන් ඇතුළු 15 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03 වැනිදා) ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
මීට ඉහතදීද අනුරාධපුරයේ මූල්‍ය ආයතනයක සහ තංගල්ලේ බැංකුවක මේ ආකාරයේම සේප්පු කපා මුදල් සහ රන් ආභරණ සොරකම් කිරීමේ සිදුවීම් වාර්තා වී තිබූ බවද මෙම බැංකු සොරකම ඉතාම පළපුරුදු බැංකු කොල්ල කණ්ඩායමක් විසින් සිදුකළ බවටද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම සංවිධානාත්මක කල්ලිය බැංකුවේ සේප්පු විවෘත කර ගැනීම සඳහා යකඩ කපන යන්ත්‍ර පවා යොදාගෙන තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇති අතර
මෙම සංවිධානාත්මක කල්ලිය විසින් බැංකුවේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාද ගලවා ගෙන ගොස් තිබූ අතර හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන විදුලි සීනු පවා ඉතාම සූක්ෂම ලෙස අක්‍රීය කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
යකඩ කපන යන්ත්‍ර යොදාගෙන සේප්පු කපා විවෘත කරද්දී එක් කොල්ලකරුවකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සේප්පුව කපා දැමූ ස්ථානයේ රුධිරය විශාල වශයෙන් වැටී තිබූ අතර එය මෙම කල්ලියේ පුද්ගලයකුට සිදුවූ තුවාලවලින් වැටෙන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
තලාව නගර මධ්‍යයේ තිබූ මෙම බැංකුවේ සේප්පු 4 ක් මේ අයුරින් යකඩ කපන යන්ත්‍ර යොදා ගෙන කපා තිබූ අතර ඒවායේ තිබූ රුපියල් හත් කෝටි විසිලක්ෂයක රන් ආභරණ සහ රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක මුදල් සොරාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
රජයේ රස පරීක්ෂකවරයා මෙම බැංකුවේ සොරකම සිදුවූ ස්ථානය අද (04) පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. බැංකු ගොඩනැඟිල්ල අවට ප්‍රදේශයේ ගොඩනැඟිලිවල සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා පොලිසිය මගින් පරීක්ෂා කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායම් අටක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.