FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපය තුළ ඛනිජ තෙල්, බුද්ධ ශාසන අමාත්‍යධූර සංශෝදනයක්..

කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් ඉදිරි දින කිහිපය ඇතුළත සංශෝධනය කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා සදහන් කරයි.
ඛනිජ තෙල්, බුද්ධ ශාසන ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් මෙම සංශෝධනවලදී වෙනස් කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියි.
පසුගිය වසර කිහිපය තුළ සිය අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි ක්‍රියාවට නැංවීමට නොහැකි වුණ සහ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව ගත් තීරණ අනුව කටයුතු නොකරපු අමාත්‍ය ධුර කිහිපයක් මේ අනුව සංශෝධනය කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ පිළිබඳව පූර්ණ එකඟතාවකින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍ය ධුර කිහිපයක්ද සංශෝධනය කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග පැවැසීය.