FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ අද දේශපාලනයට…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණීමට නියමිතව ඇත.
ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයි. නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් සභා නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවකට එක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව ඇත .
අද (04) පෙරවරු 10.00 ට එම උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්වීමට නියමිතයි.
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය පක්ෂ කාර්යාලයට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන්නැයි ආරාධනාවක් සිදුකළ අතර ඒ මහතා සෘජුවම දේශපාලන කටයුතු වලට සහභාගී වන මුල් අවස්ථාව මෙය වේ.