FAST NEWS

24×7 Around the Globe

විජයකලාව ඇමතිධුරයෙන් ඉවත් කරන්න….අගමැතිගෙන් ඉල්ලීමක්

පසුගියදා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට ද දන්වා ඇත.
ඇයගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට පෙර කොළඹට පැමිණ ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනු ඇතැයි ද වාර්තා වෙයි.
එමෙන්ම එම ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර තීරණයකට එළඹෙනතුරු මහේෂ්වරන්ව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
විජයකලා මහේෂ්වරන් ඇමැතිනිය පාර්ලිමේන්තුවට කැඳවා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇය වරදක් කර ඇති නම් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බවද කථානායකවරයා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තමාට ඒකාධිපතියකු ලෙස හැසිරිය නොහැකි බව කී කථානායක කරු ජයසූරිය මහතා පවතින නීතිය යටතේ තමන්ට කටයුතු කිරීමට සිදුවන බවද වැඩිදුරටත් කීවේය.