FAST NEWS

24×7 Around the Globe

උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාවට පොලිස් බලතල පවරන්න…විග්නේෂ්වරන්

ප්‍රචණ්ඩත්වය නිම කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රඳවා සිටින ආරක්ෂක හමුදාව ඉවත් කර පළාත් සභාව වෙත පූර්ණ ලෙස පොලිස් බලතල පැවරිය යුතු බව උතුරු පළාත් අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේය.
උතුරේ ආරක්ෂක හමුදාව ක්‍රම ක්‍රමයෙන් අඩුකරන බවට රජය පොරොන්දු වුවද එම පොරොන්දු ක්‍රියාත්මක වී නොමැති බවත් පළාතේ අපරාධ ක්‍රියාවන්ද සීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවා පාලනය කිරීමට අවශ්‍ය බලතල පළාත් සභාවට නොමැති බවත් මහ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරු පළාතේ ජීවත් වන ජනතාව සෙසු පළාත්වල ජනතාවට වඩා අවශ්‍යතා රැසක් හිමිවිය යුතු පිරිසක් බවත් මොවුන් ගැන ජනපති මහජන සේවය වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි .