FAST NEWS

24×7 Around the Globe

දිවියා මැරූ 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට…

පසුගියදා කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලු මුගුරුවලින් පහර දී අමානුෂීය අන්දමින් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 10 දෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද (03) කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් අතර පසුව තවත් තුන් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.