FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට…

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවීමට අගවිනිසුරුවරයා ඉල්ලීමක් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.
මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවේ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
ලබන සැප්තැම්බර් 04 දා දක්වා මෙම නඩුව කල් තැබීමට එහිදී නියෝග කෙරුණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ලක් සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි 04 කට අධික දාම් සහ කැරම් බෝඩ් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.