FAST NEWS

24×7 Around the Globe

ජාතික විග‍ණන පනත අනිද්දා විවාදයට ගැනීමට කටයුතු සූදානම්..

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ජාතික විග‍ණන පනත අනිද්දා (05) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනීමට කටයුතු යොදා ඇත. මේ පනතේ කෙටුම්පත මෙයට පෙර විවාදයට ගැනීමට නියමිතව තිබුණත් අවස්ථා කිහිපයකදීම විවාදය කල් ගියේය.
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණධීර මහතිමිය පැවසුවේ අනිද්දා (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ න්‍යාය පත්‍රයට විගණන පනත පිළිබඳ විවාදය ඇතුලත් කර තිබෙන බවයි.
විගණන කොම්ෂන් සභාව බලත්මක කිරීම හා විගණන කාර්යාලයක් පිහිටුවීම ජාතික විගණන පනතේ අරමුණයි.
විගණන පනතේ කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.