FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී නැව් සේවාව සදහා මූලික කටයුතු ආරම්භ කරයි..

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී නැව් සේවාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකරමින් පවතියි.
ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක අංශ ප්‍රධානි කපිතාන් අශෝක්‌ රාඕ මහතා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට පසුගිය දිනක තලෙයිමන්නාරමට පැමිණ ඇත. කපිතාන්වරයා තලෙයිමන්නාරමේ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබේ.
ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්‌වා මගී නැව් සේවාව ආරම්භ කිරීමට ඉන්දීය රජය කටයුතු යොදමින් සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී මේ නැව් සේවාව ආරම්භ කිරීම සඳහා දැනට දෙරටට ඇති ගැටලුව සාකච්ඡා කරනු ලැබීය.