FAST NEWS

24×7 Around the Globe

තලාව බැංකු කොල්ලයේ විමර්ශන CID යට පවරයි…

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සොරුන් විසින් බිඳ එහි තිබූ කෝටි 09 කට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපරාධය සිදු කළ සැකකරුවන් බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී ඇති අතර එහි සේප්පු කඩා රු. 17,000,000ක මුදලක් සහ උකසට ගෙන තිබූ කිලෝ 22යි ග්‍රෑම් 806ක් බර රු. 78,000,000ක් වටිනා රන් ආභරණ කොල්ලකා තිබේ.
කොල්ලකෑමට අදාළ විමර්ශන කටුයුතු පොලිස්පතිවරයා විසින් ඊයේ (02ෙ) අපරාධ පරීක්ෂණ ඒකකය වෙත පවරා ඇති අතර පොලිස් කණ්ඩායම් 08ක් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන මේ වනවිට සිදුකරනු ලබයි.
මෙම සොරකම 29 වැනි දින සවස 06 ත් 02 වැනිදා උදෑසන 7 ත් අතර කාලය තුළ සිදු කර ඇති බව විමර්ශනයන්හිදී හෙළිව තිබේ.