FAST NEWS

24×7 Around the Globe

හෙට දිනයේ පාසල් වහන්නේ නැහැ….අජිත් පී. පෙරේරා

හෙට දිනයේදී (04) දිවයිනේ සියලු පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලබව වැඩ වර්ජනය හේතුවෙන්
පාසල් වැසීමට ඉඩ නොදෙන බවත් පාසල් නොවසන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.
මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“04 වැනිදා පාසල් වහන්නේ නැහැ. 04 වැනිදා පාසල් වහන්න දෙන්නෙත් නැහැ. මේරටේ දරුවො 04 වෙනිදා පාසල් එනවා. ගුරුවරුන්, විදුහල්පතිවරුත් 04 වැනිදා පාසල් එනවා. අපි ඒක සනාථ කරනවා. දරුවන් අනිවාර්යයෙන් පාසල් ආයුතුයි. පාසල් වහන්නේ නැහැ” යැයි සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන නුසුදුස්සන් දහසකට අධික පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්වීම් ලබාදීමට එරෙහිව ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන විද්‍යාපීඨ කතිකාචාර්යවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරිහු 04 දා වැඩ වර්ජනයකට එක්වීමට සූදානමින් සිටියි.