FAST NEWS

24×7 Around the Globe

යූරෝ ෆෝ නම් නව ඉන්ධන වර්ගය අද සිට වෙළදපළට..

යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් අද (02) ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබීය.
පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති අතර යූරෝ ෆෝ වර්ගය යටතේ පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකම වෙළඳපොලෙන් කලින් පැවති මිලටම ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග අද යූරෝ ෆෝ වෙළඳපොලට හදුන්වාදීමේ උත්සවයට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී යූරෝ ෆයිව් සහ යූරෝ සික්ස් වර්ගයන් වෙලඳපොළට හදුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.