FAST NEWS

24×7 Around the Globe

කොළඹ කසළ බැහැර කරන ස්ථානවල සීසීටීවී සවි කිරීමට යයි…

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇත.
අදාළ ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම මේ වනවිට සිදුකර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
දෛනිකව කොළඹ නගරය තුළ කසළ ටොන් 50 ක් පමණ එක් රැස්වන අතර කසළ වෙන් කිරීම සඳහා සේවකයින් යෙදවීමට පියවර ගෙන ඇති බවත්, තවදුරටත් වෙන් නොකරන ලද කසළ එක්වීම ගැටලුවක් වී ඇති බවද ඔහු පැවසුවේය.
මේ අතර නීතිවිරෝධි ලෙස කසළ බැහැර කරන්නන් සොයා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ නගර අලංකරණ ඒකකයේ නිලධාරීන් පැය 24 පුරා ක්‍රියාත්මක බව ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.