අඩු ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිතා කර ඇති බැවින් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා ලබන 11 වන දින ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටි.
පසුගිය 03 වන දින අධ්‍යාපන සහ පොලිස් සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබු අතර සෙසු රාජ්‍ය සේවකයින් සඳහා 5,6 යන දෙදින අවස්ථාව ලබාදී තිබුණි.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ඊයේ දිනයේත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.







