ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
එම ස්ථානයේ සිටින මාධ්‍යය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ තාජුඩින්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බවයි.
———————————————————(update)
තාජුඩීන්ගේ සිරුර අද ගොඩ ගනී – මාධ්‍යයට තහනම්.
ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.
උසාවි නියමයක් අනුව අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්‍රාමසේවකවරයාද එහි පැමිණ සිටියහ.
නෑදෑයන්ගේ අකමැත්ත නිසා එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට හෝ ඡායාරූප ශිල්පීන්ට අවසර නැතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඔවුන් වෙනම ස්ථානයද රඳවනු ලැබ සිටිති.
සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී මාධ්‍යට යම් ප්‍රකාශයක් කිරීමට යයි.
දැඩි පොලිස් ආරක්ෂාව මැද සිරුර ගැනීමට නියමිතය.







