FAST NEWS

24×7 Around the Globe

ඇමැතිනී විජයකලා අත්අඩංගුවට ගැන්නැයි විපක්ෂ නායක ඉල්ලයි.

නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් වහා අත්අඩංගුවට ගන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට සහාය ලබාදෙන බව පවසමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදෙන බවයි.

මහේෂ්වරන් සිය මැතිවරණ පෝස්ටර් සඳහා ද ඊළාම් සිතියම යොදාගෙන ඇති නිසා ඇය වහා අත්අඩංගුවට ගත යුතු බවයි නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දෙන්නේ.