FAST NEWS

24×7 Around the Globe

මධ්‍යධරණී ඉන්දීය සාගර යා කෙරෙන සුවස් ඇල පුළුල් කරයි.

මධ්‍යධරණී මුහුද සහ ඉන්දීය සාගරය යා කරන ඊජිප්තුවේ සූවස් ඇළ මාර්ගය, ඊට සමගාමී කිලෝමීටර් 35 ක් දිගැති තවත් ඇළ මාර්ගයකින් පුළුල් කොට විවෘත කිරීම ඊයේ (06) සිදුවුණා. මේ නිසා එම ප්‍රදේශයේ දෙපාර්ශවයට නැව් ගමනාගමනය සිදුකිරීමට හැකිවනු ඇති.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී ඊයේ මෙම ඇළ මාර්ගය විවෘත කළේ ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාංසුවා හොලාන්ඞ් සහ රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉදිරියේදීයි.

එහිදී නව ඇළ මාර්ගය විවෘත කරමින් හමුදා ඇඳුමින් සැරසුණු ඊජිප්තු ජනාධිපතිවරයා අල් – මෙහරූසා යාත්‍රාවෙන් එහි ගමන් ගත්තා.